Published
විශ්‍රාමිකයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කළත් සුබ පණිවිඩයක් රජයෙන් නොලැබුණු බවත් 2020-2024 අගතියට පත් 154,000 වෙනුවෙන් තමාට නගන්න පුලුවන් උපරිම හඩ නගන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තු කටයුතු අවසානයේ පොල්දූව මංසන්ධියේ සාමකාමී උද්ඝෝෂණයක නියැලී සිටි විශ්‍රාමිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් නැවත සොයා බැලීමට පැමිණි අවස්ථාවේදීයි.
රජයෙන් ප්‍රතිචාර ලැබෙනකම් මොවුන්ට හිමි ප්‍රතිඵල ලැබෙනකම් තමා බලාගෙන සිටින බවත් මෙවර අයවැයට පවා පරිපූරක ඇස්තමේන්තුවක් හරහා මෙය ඉදිරිපත් කළ හැකි බවත් අයවැය අනුමත වූ පසුත් මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළ හැකි බවත් රජය එවැන්නක් නොකරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පවසා සිටියා.


