උත්සව සමයේ ජනතාවට පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළඳුන් සොයා අඛණ්ඩ වැටලීම් මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම්, චමිල් මුතුකුඩ මහතා පැවසුවේ මෙතෙක් සිදු කළ වෙළඳසැල් පරික්‍ෂාවලදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 375කට ආසන්න ප්‍රමාණයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් 1,800කට ආසන්න පිරිසක් දිවයින පුරා වෙළඳසැල් පරික්‍ෂාව සඳහා යොදවා ඇති බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම්, චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් පැවසුවා.