ප්‍රංශය විසින් නිල වශයෙන් පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

ඊට අදාළ නිල ප්‍රකාශය සැප්තැම්බර් මාසයේදී සිදු කරන බවයි ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

ඒ අනුව පලස්තීනය නිල රාජ්‍යයක් ලෙස පිළිගන්නා පළමු ඨ7 රට ප්‍රංශය බවට පත් වනු ඇති.

කෙසේවෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙම තීරණය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

අමෙරිකාවද මැක්‍රොන්ගේ නිවේදනය ප්‍රතික්ෂේප කර ඇති බව පවසන එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර ඇත්තේ එම තීරණය ”නොසැලකිලිමත්” තීරණයක් බවයි.

G7 යනු ප්‍රංශය සමඟ අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ජර්මනිය, කැනඩාව සහ ජපානය ඇතුළත් ප්‍රධාන කාර්මික ජාතීන්ගේ කණ්ඩායමයි. වර්තමානයේ, පලස්තීන රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 න් 140 කට වැඩි සංඛ්‍යාවක් විසින් පිළිගෙන තිබෙනවා.

ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ඇතුළු යුරෝපීය සංගමයේ රටවල් කිහිපයක්ද ඒ අතරට අයත්.

එහෙත් ඊශ්‍රායලයේ ප්‍රධාන ආධාරකරුවන් වන අමෙරිකාව සහ බි්‍රතාන්‍ය ඇතුළු ඔවුන්ට පක්ෂපාතී රටවල් පලස්තීන රාජ්‍යය පිළිගෙන නැහැ.