Published
පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වන විට පුරප්පාඩු 28,000ක් පමණ පවතින බව මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පවතින පුරප්පාඩු පිරවීමට 5,000ක පිරිසක් පොලීසියට බඳවා ගැනීම සඳහා අනුමාතිය ලැබී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙම අදහස් පළ කළා.
පහළ ශ්‍රේණයේ පොලිස් නිලධාරීන් 5,000කට ඉදිරි මාස තුන තුළ උසස්වීම් ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.