මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට පත් කර ජනතාවට සහන සැලසීමට නම් වර්තමානයේ අත්පත් කරගෙන ඇති ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් කෙටි කාලයක් තුළ අත්පත් කරගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.
මෙම වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාව අනුව මෙම වර්ෂයේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 4. 8ක් වනවා.
මෙම වසරේ පළමු කාර්තුවේදී කෘෂිකාර්මික අංශයේ වර්ධන වේගය සියයට ඍණ 0.7ක් දක්වා අඩු වී ඇති බවයි එම වාර්තාව අනාවරණය කරන්නේ.
කර්මාන්ත අංශය සියයට 9. 7කින් සහ සේවා අංශය සියයට 2. 8කින් වර්ධනය වී තිබෙනවා.
කෘෂිකාර්මික හා සේවා අංශ මීට වඩා වැඩි වේගයකින් වර්ධනය විය යුතු බව මහාචාර්ය වසන්ත අතුකොරළ මහතා මෙහිදි පෙන්වා දුන්නා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුනු දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා.