බංගලදේශයේ සිට පළමු වරට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දින(03) පස්වරුවේ පැමිණ තිබෙනවා.

මෙම ගුවන් යානය තුළ කිලෝ ග්‍රෑම් 9,227 ක් බරැති ඖෂධ, වියළි ආහාර, මදුරු දැල්, විපතට පත් වූවන් ගලවා ගැනීමේ උපකරණ තිබෙන බවයි වාර්තා වන්නේ.

බංගලදේශ ගුවන් හමුදාවට අයත් C-130 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වූ මෙය අද දින(03) පස්වරු 01.00 ට බංගලදේශයේ ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බංගලදේශ මහකොමසාරිස් අන්දිලිප් ඉලියාස් මහතා එම තානාපති කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.