මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමෙන් ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් තුන්වන වරටත් තේරී පත්වී තිබෙනවා.

එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195ක් ලබා ගෙන තිබුනා

ඒ අනුව යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතා වසර 10ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද(07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේ දී පැවැත්විණි.