පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පහත් බිම් ගංවතුර අවදානමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ දිනයේ මිලි මීටර් 225ක වැඩිම වර්ෂාපතනයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක් වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර හා වෙහෙරගල ජලාශවල වාන්දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා.
කළු ගඟ, කැළණි ගඟ සහ අත්තනගළුඔයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බැවින් එම ගංගා ආශ්රිත පහත්බිම් සුළු ගංවතුර අවදානමක පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා පැවසුවා.
දිවයින පුරා පවතින මහා ජලාශ 73න් 25ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 26ක් වාන් දමමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකයේ අධ්යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.




