දිවයිනේ ප්‍රදේශ රැසකට අඛණ්ඩව ඇදහැළෙන තද වැසි හේතුවෙන් ආපදා රැසක් වාර්තා වී තිබෙනවා.
ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක සහ අතුරුමාර්ග රැසක රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
පවතින අධික වැසි හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රී 10 සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමුණා.
ඒ අනුව එම මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් වසා දැමුණු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සහ නානුඔය දක්වා සීමා කර තිබෙනවා.
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
පවතින අධික වැසි සමග බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක නිවාස කිහිපයක් මතට පස් කඳු කඩා වැටී තිබෙනවා.
ඒ පිළිබඳ තොරතුරු හල්දුම්මුල්ල නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාරගෙන්.
පොළොන්නරුව දිස්ත්‍රික්කයටද තවදුරටත් අධික වැසි ලැබෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු චන්දික ලියනගේ පැවසුවේ.
මේ අතර අද දිනයේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 200කට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහගෛන්.
මේ අතර පවතින අධික වැසි හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලුම මුස්ලිම් පාසල් නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.




