ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පතොරම් සහ යුධෝපකරණ ගබඩා පහසුකම්වල දෙදින නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා පතොරම් ගබඩාවල තත්ත්වය පරීක්‍ෂා කළ අතර, එහි වත්මන් මෙහෙයුම් සහ ආරක්‍ෂක සුදානම පිළිබඳව ද සමාලෝචනය කර තිබෙනවා.
තවද, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී පතොරම් සහ යුධෝපකරණ ගබඩාවල ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතා පියවරයන් වැඩිදියුණු කිරීම, හදිසි ප්‍රතිචාර සැලසුම් සංවර්ධනය, හදිසි තත්ත්වයන්හිදී බාහිර ආයතන සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, නියාමන අනුකූලතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සම්මත මෙහෙයුම් පටිපාටි (SOPs) ක්‍රියාත්මක කිරීම, වගවීම සහ ආරක්‍ෂිත ක්‍රියාවලීන්හි සුමට බව ඇතුළු තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡාවට ලක් වී තිබෙනවා.