ඩුබායිහීදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ඊයේ පැවති තරඟයකින් පහසු ජයක් අත්කර ගැනීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම කඩුලු 09කින් පරාජය කරමින්. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමිර් කණ්ඩායමට පන්දුවාර 13යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 57ක් පමණයි. කුල්දීප් යාදෙව් ලකුණු 07කට කඩුලු 04ක් දවාගත්තා. ශිවම් ඩූබේ ලකුණු 04කට කඩුලු 03ක් බිඳ හෙලීමට සමත් වුණා. ලකුණු 58ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 04යි පන්දු 03කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් රැස් කරමින් එම තරඟයේ ජය වාර්තා කළා. අභිෂේක් ශර්මා පන්දු 16කදී ලකුණු 30ක් රැස් කළා. ශුග්මන් ගිල් පන්දු 09කදී ලකුණු 20යි. පන්දුවෙන් දස්කම් දැක්වූ කුල්දීප් යාදෙව් තරඟයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා.