සිංහල සිනමාව, වේදිකාව මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ අද්විතීය සලකුණක් තැබූ කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ, අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 84වන වියේ පසුවුණා.
මේ, කලාශූරී සතිස්චන්ද්‍ර මහතා වෙනුවෙන් නෙත් නිවුස් තබන සටහනක්.
1941 වසරේ පෙබරවාරි මස 10 වනදා කැලණියේදී උපත ලැබූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මෙලොව උපත ලබන්නේ සිය පවුලේ 06වන දරුවා ලෙසයි.
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකින් අධ්‍යාපනය ලැබූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සිය වේදිකා නාට්‍ය දිවිය ආරම්භ කරන්නේ 1961 වසරේදී ‘වෙස්සන්තර’ නාට්‍යයෙන්.
එතැන් සිට දශක 06කට අධික කාලයක් ප්‍රතිභාපූර්ණ නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස ශ්‍රී ලාංකේය කලා කෙත පෝෂණය කරමින් ඔහු ඉටු කළ සේවය සදා අනුස්මරණීයයි.
කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා මෙරට වේදිකාවට සිනමාවට මෙන්ම පුංචි තිරයේ රංගනයෙන් විදහා පෑ අපූර්වත්වය පිළිබඳ ප්‍රවීණ සිනමා විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා මෙලෙස මතකාවර්ජනය කළා.




