Published
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ, මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීයි.
දෙදරු පියෙකු වන ඒ මහතා මිය යන විට 56 වන වියේ පසුවුණා.
නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා, වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් විදහා පෑ දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස ජනතා ආදරයට ලක්වූ කලාකරුවෙක් වනවා.




