හමාස් නායකයින් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පසුගියදා කටාරයේ දෝහා ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින කිහිපයකට පසු ප්‍රතිචාර දක්වා තිබෙනවා.
මිනිසුන් සිටින ස්ථානවලට පහර දෙන විට දැඩි ලෙස ප්‍රවේශම් සහගත යුතු බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
ඊශ්‍රායලය හමාස් සංවිධානය සම්බන්දයෙන් ක්‍රියාමාර්ග ගැනීම සිදු කළ යුතු වුවද එහිදී ප්‍රවේසම් සහගත විය යුතු බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
ඊශ්‍රායලය සහ කටාරය යන රටවල් දෙකම අමෙරිකාව සමග සමීප සබඳතා පවත්වන රටවල් දෙකක් වන බැවින් ඊශ්‍රායලය කටාරයට පසුගියදා එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් අමෙරිකාව දැඩි අසීරුතාවකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණා.
මේ අතර පවත්නා අර්බුදකාරී තත්ත්වයන් මධ්‍යයේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඊශ්‍රායලයේ සංචාරයකද නිරත වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.




