මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීමට ජනාධිපතිවරයාගේ යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙම අනුමැතිය හිමිව ඇත්තේ අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීයි. ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 07 වැනිදා රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි වුණා.