ප්‍රේම සම්බන්ධයක් බිදවැටීම නිසා යාපනයේ වඩුක්කෝඩෙයි මූලෙයි ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ඊයේ(24) දින ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වඩුක්කෝඩෙයි මුලෙයි - ආලඩි ගම්මානයේ පදිංචිව සිටි අමිර්තලිංගම් කීර්තිකා නැමති ශිෂ්‍යාවකි.

ඇය එම පළාතේ තරුණයෙකු සමග වසර දෙකක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම තරුණයා වෙනත් තරුණියක් සමග අලුත් ප්‍රේම සම්බන්ධයක් පටන් ගැනීම නිසා සිත්තැවුලට පත්ව ඇය මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පාසල් සිසුවියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා වඩුක්කෝඩෙයි රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර වඩුක්කෝඩෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සිදු කරනු ලබනවා.