ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ඉදිරිපත් වන අපේක්‍ෂකයින්ට තමන් ඉදිරිපත් වන බලප්‍රදේශයෙන් ලබා ගත් පොලිස් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් නියෝජිතයින්ට එල්ල වී ඇති චෝදනා හේතුවෙන් මෙම තීරණය ගන්නා බවයි.

පක්ෂය ගත් තීරණය යහපත් තීරණයක් බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේ.