වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදත් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වුණා. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පාතාලය, මත්ද්‍රව්‍ය සහ කළු සල්ලි සමඟ දේශපාලන හස්තයක් ද ක්‍රියාත්මක වන බවයි. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වත්මන් ආණ්ඩුව මැතිවරණ කාලය තුළදී ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක කරමින් ක්‍රියා කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.