Published
මෙරට සංවිධානාත්මක අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ විදෙස් රටවල සැගවී සිටින අපරාධකරුවන් 30 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඉදිරි කාලය තුළදී ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යවසනය මෙරටින් තුරන් කිරීමට ගෙන ඇත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහස් පළ කළා.