ඉන්දුනීසියාවේදී පසුගියදා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇඹිලිපිටිය සුරංග සහ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඉන්දුනීසියාවේදී පසුගියදා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 05 දෙනාගේ සමීපතමයින් පිළිබඳවද පොලීසිය තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව පානදුර නිලංග නැමැත්තාගේ අපරාධවලට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
ඇඹිලිපිටිය සුරංග සහ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇඹිලිපිටියේ සුරංග නැමැත්තා පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එම යතුරුපැදියේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ එය පානදුර හිරණ මාලමුල්ල සහ මාදුපිටිය ප්‍රදේශවල වෙඩිතැබීම් සදහා යොදාගත් යතුරු පැදියක් බවටයි.
එමෙන්ම පානදුර නිලංග නමැත්තාගේ මෙහෙයවීමෙන් සිදුකළ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සඳහා යතුරුපැදී ලබාදීම, වෙඩි තැබීම් සඳහා සැලසුම් සකස් කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහාද ඔහුට චෝදනා එල්ල වනවා.
ඒ අනුව ඇඹිලිපිටිය සුරංග නමැත්තාගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් හමුවේ පානදුර නිලංග නමැත්තාගේ මෙහෙයවීමෙන් සිදුකළ වෙඩි තැබීම්වලට භාවිතා කළ ගිනි අවි හොරණ බටුවිට ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
එහි තිබී ටී 56 ගිනි අවියක්, එම මැගසිනයක් සහ පතුරම් 30 ක් මෙම වෙඩි තැබීම් සඳහා දුරකථන සන්නිවේදන සඳහා භාවිතා කළ ජංගම දුරකථන හතක් ද සොයා ගෙන තිබෙනවා. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.


