එස් එල් එස් සහතිකය නොමැති එස් එල් එස් ලාංඡනය ව්‍යාජ ලෙස යොදා තිබියදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් අත් අඩංගුවට ගෙන නඩු භාන්ඩ ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කල කොන්ක්‍රීට් වැර ගැන්වීම සඳහා යොදන රුපියල් කෝටි අටකට අධික වටිනාකමකින් යුත් දඟර වානේ කම්බි ටොන් 400 ක් කිසිඳු බැදුම්කරයකට යටත් නොකොට මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගයකට අනුව අයිතිකරුවන්ට මුදා හැරීමේ සිද්ධියට අදාළව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින බී 10132/2025/2 අංක දරණ නඩුව මේ මස 24 දින සිට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගන්නා ලෙස මීගමුව මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය නියෝග කළාය

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මීගමුව මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් යළි කැඳවූ අවස්ථාවේදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගයක් මත කිසිඳු බැදුම්කරයකට යටත් නොකොට අයිතිකරුවන්ට මුදා හැර තිබූ දඟර වානේ කම්බි ටොන් 400 වාහාම යළි අධිරකරණය බාරයට ගන්නා ලෙසටද මහාධිකරණ විනිසුරුවරිය මීට පෙර නියෝග කෙරිණ.

මෙම ප්‍රතිශෝධන පෙත්සම මහාධිකරණයට ඉදිරිපත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය රජයේ අධිනීතිඥ ප්‍රභාත් දිසානායක මහතා මගින් සිය මූලික කරුණු දැක්වීම්වලදී කියා සිටියේ තම අධිකාරිය විසින් වැටලීමක් සිදු කොට අත් අඩංගුවට ගෙන නඩු භාන්ඩ ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කල එස් එල් එස් ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදන ලද කොන්ක්‍රීට් වැර ගැන්විම පිණිස යොදන රුපියල් කෝටි අටකට අධික වටිනාකමින් යුත් වානේ දඟර කම්බි ටොන් 400 ක් කිසිඳු බැදුම්කරයකට යටත් නොකොට මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගයකට අනුව ඒවායෙහි අයිතිකරුවන්ට මුදා හැර ඇති බවයි

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මේ වන විට්ත් විමර්ශන අවදියේ පවතින පසුබිමක නඩු භාන්ඩ ලෙස නම් කර තිබූ අදාළ දඟර වානේ කම්බි තොගය ඒවායෙහි අයිතිකරුවන්ට කිසිඳු බැදුම්කරයටකට යටත් නොකොට මුදා හැරීම නීිතියට පටහැනි මෙන්ම ඉදිරිි විමර්ශන කටයුතු වලට බාධාවක් බවද අධිකරණයට කියා සිටි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රශ්න ගත නඩු භාන්ඩ ඒවායහෙි අයිතිකරුවන්ට මුදා හරිමින් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියේය

අයිතිකරුවන්ට මුදා හැර ඇති මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවට අදාළ ප්‍රශ්න ගත වානේ දඟර කම්බි ටොන් 400 යළි අධිකරණය බාරයට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය එදින ඉල්ලා සිටියේය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මීගමුව මහාධිකරණයට යොමු කොට ඇති මෙම ප්‍රතිශෝධන පෙත්සම් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කොළඔ 12 යෝන් වීදිය අංක 349 ලිපිනයේ මොස්කව් ලංකා ස්ටීල් පෞද්ගලික සමගම සහ මීගමුව කෙලින් වීදිය අංක 63 ලිපිනයේ ජූඩ් ප්‍රනාන්දු සහ ඉග්නේෂන් දුමින්ද ප්‍රනාන්දු යන අයවලුන්ය පෙත්සම්කාර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙනුවෙන් එම අධිකාරියේ නීති නිලධාරි නීතිඥ සරසි නිශ්සංක මහත්මියගේ උපදෙස් මත රජයේ අධිනීතිඥ ප්‍රභාත් දසානායක මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතගේ උපදෙස් මත නීතිඥවරුන් කන්ඩායම් පෙනී සිටියහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සහ එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ් එම් ප්‍රියන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත තරඟකාරිත්ව ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමන්තා කරුණාරත්න මහත්මියගේ මෙහෙයවීම මත ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි සී ඒ සී පී පෙරේරා සහ විමර්ශන නිලධාරි එච් බී කලුබෝවිල යන මහත්වරුන් මෙම වැටලීම සිදු කොට තිබිණ