දේශගුණික විපර්යාස මානව පැවැත්මට පැවැත්මේ තර්ජනයක් වී ඇති බැවින් ගෝලීය අර්බුද, සාමූහික හා ද්විපාර්ශ්වික උත්සාහයක් හරහා එය විසඳා ගත යුතු බවත් ප්‍රකාශනවලින් ඔබ්බට ගොස්, ක්‍රියාමාර්ග ගනිමින් පරිසරය ආරක්ෂා කිරීමට සෑම රටකට ම සදාචාරාත්මක වගකීමක් ඇති නිසා දේශගුණික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා සේම හදීසි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පාරිසරික හා දේශගුණික අභියෝග සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය සහ සාමූහික ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු පරිසර සංසදය (The Parliamentary Environment Caucus), දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් විය.
ප්‍රජා හරිත බලශක්ති කලාප සඳහා මුලපිරීම තුළින් තිරසාර සංවර්ධනය, රැකියා උත්පාදනය සහ හරිත බලශක්ති ව්‍යාප්තිය සඳහා උත්ප්‍රේරකයක් ලෙස සේවය කළ හැකි බවත් එහි දී පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන, ජෛව විවිධත්වය ආරක්ෂා කරන සහ අනාගත පරම්පරාවන් ආරක්ෂා කරන ප්‍රතිපත්තිවලට සහාය දෙන ලෙස විපක්ෂ නායකවරයා මෙහි දී පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
එසේම දේශගුණික අරමුදල්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ ජාත්‍යන්තර සහයෝගීතාව හරහා ඇමරිකානු ඩොලර් මිලියන 12 කට වඩා රැස්කර ගනිමින්, වායු හා සමුද්‍ර දූෂණය වැනි දේශසීමා පාරිසරික තර්ජනවලට මුහුණ දීමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය “හරිත පක්ෂයක්” ලෙස කටයුතු කරන බැවින් පාරිසරික ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ තිරසාරභාවය ඉදිරියට ගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටත් රජයේ ආයතනවලට සහ ශ්‍රී ලංකාවේ ජනතාවටත් එක්වන ලෙස ඉල්ලා සිටියේ ය.




