Published
පාලවිය, කල්පිටිය මාර්ගයේ ඒත්තාල ප්රදේශයේ ඊයේ රාත්රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කල්පිටිය පොලීසිය පැවසුවේ පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ ත්රීරෝද රථයක් පසුකර යාමේදී විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ ලොරි රථ රියදුරා කල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේවෙතත් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවිල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.