Published
මේ ආරම්භ වී ඇත්තේ පාසල් නිවාඩු සමයයි.
මෙය බොහෝ දරුවන් දෙමාපියන් සමග විනෝද චාරිකා යාමට වැඩි වශයෙන් උනන්දු වන කාලයක්.
එලෙස ඔබ විනෝද චාරිකාවේ යන්නේ නම් වඩාත් අවදානය යොමු කළ යුතු කරුණු පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා මෙලෙස සිහි කැඳවීමක් සිදු කළා.
ජලාශවල දිය නෑමේදී වඩාත් විමසිලිමත් විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ විනෝදය මෙන්ම ජීවිතයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද සියලු දෙනා වැඩි අවදානයක් යොමු කළ යුතු බවයි.




