Published
පාසල් පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම මහතා පැවසුවේ සිය සංගමයේ යෝජනාවක් ලෙස එම ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කරන බවයි.
ආණ්ඩුව නියෝජනය කරන ගුරු වෘත්තීය සමිතියක් ලෙස මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ ඇයි දැයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකට ද ලංකා ගුරු සේවා සංගමයේ සභාපතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.




