Published
මොනරාගල ප්රදේශයේ පාසල් සිසුන්ට ගංජා මිශ්ර මත්ගුලි අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මොනරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
එහිදී පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන ගිය මත්ගුලි අලෙවි කරන ස්ථානයක් සහ මත්ගුලි තොගයක් සොයාගෙන තිබෙනවා.
සැකකාරිය 58 හැවිරිදි මොනරාගල ප්රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකාරි මොණරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




