Published
                
                 
                
            කන්තලේ ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
රියදුරුට හදිසි හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ පාසල් ළමුන් පිරිසක් රැගෙන අධ්‍යාපන චාරිකාවක් යමින් තිබූ බස් රථයක්.
අනතුරින් හෘදයාබාධය වැළඳුනු රියදුරු මියගොස් ඇති අතර අනෙක් කිසිවෙකුට හානියක් සිදුව නැහැ.
අනතුර හේතුවෙන් විදුලි කණුවකට, යතුරුපැදි දෙකකට සහ වෙළෙඳසැලක හානි සිදුව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




