Published
පාසල් ළමුන් ප්රවාහනය කරන බස් රථ, වෑන් රථ සහ ත්රීවිල් රථ බුලත්කොහුපිටිය ප්රදේශයේදී අද හදිසි පරික්ෂාවකට ලක්කර තිබෙනවා. ඒ, බුලත්කොහුපිටිය පොලිස් රථවාහන අංශය සහ කෑගල්ල රථවාහන අංශය සමග එක්වයි. ඒ අනුව පාසල් ළමුන් ප්රවාහනය කරන වාහන 29ක් පරීක්ෂා කර ඇති අතර ඉන් පාසල් ළමුන් ප්රවාහනයට නුසුදුසු වාහන 09ක් ධාවනෙන් ඉවත් කිරීමට තහනම් නියෝග නිකුත් කර තිබෙනවා. අනෙකුත් වාහන 15, දින 10ක් ඇතුලත අඩුපාඩු සකස් කර නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව යළිත් පරීක්ෂණට භාජනය කර ධාවනයට අවසර ලබාදෙන බවයි පොලිසිය පැවසුවේ.