පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාවේ සම්බන්ධයක් ඇති බවට තමා කිසි දිනෙක ප්‍රකාශ නොකළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට නලින්ද ජයතිස්ස මහතා මීට පෙර කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණා.