සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන් වන එක්දින ක්‍රිකට් තරඟය මේ වන විට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13කට සීමා කරමින් නිශාන් මධුෂ්ක දැවී ගියේ එක් ලකුණකටයි.

පන්දුවාර 12ක් අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 54ක් රැස් කරගෙන සිටියා.

තරග 3කින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල ලකුණු 77කින් ජය ගත් අතර බංග්ලාදේශය දෙවන එක්දින තරගය ලකුණු 16කින් ජය ගනු ලැබුවා

ඒ අනුව මෙම තරගාවලිය මේ වන විට පසුවන්නේ 1ට 1ක් ලෙස සම තත්වයේයි.

ශ්‍රී ලංකාව කණ්ඩායමට අද තරගය ජය ගැනීමට හැකියාව ලැබුණහොත් බංග්ලාදේශයට එරෙහිව වසර 6කට පසුව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට අවස්ථාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සහභාගි වූ අවසන් එක්දින තරග 10න් තරග 8ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා