ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ බලපෑම් සම්බන්ධයෙන් දැඩි කතාබහක් ජාත්‍යන්තරය තුළ වර්ධනය වෙමින් පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පැපුවා නිව්ගිනියාව සහ ඕස්ට්‍රේලියාව අතර සන්ධිස්ථානීය අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් නැවැත්වීමට චීනය පීඩනය එල්ල කරමින් සිටින බව පැවසේ. Pukpuk ගිවිසුම ලෙස හැඳින්වෙන යෝජිත ගිවිසුම, ඒකාබද්ධ අභ්‍යාස, පිරිස් හුවමාරු කිරීම් සහ ඕනෑම රටකට සන්නද්ධ ප්‍රහාරයක් දෙකටම තර්ජනයක් ලෙස සලකන අන්‍යෝන්‍ය ආරක්ෂක වගන්තියක් ඇතුළුව දෙරට අතර මිලිටරි සහයෝගීතාව විධිමත් කිරීම අරමුණු කරයි. කෙසේ වෙතත්, පෝර්ට් මෝර්ස්බි හි චීන තානාපති කාර්යාලයේ තියුණු අනතුරු ඇඟවීමකින් පසුව, ගිවිසුම අවසන් කිරීම 2025 සැප්තැම්බර් මැද භාගයේදී ප්‍රමාද විය. එමෙන්ම තානාපති කාර්යාලය පැපුවා නිව්ගිනියාවෙන් ඉල්ලා ඇත්තේ එහි ස්වෛරීභාවය සහ දිගුකාලීන අවශ්‍යතා සම්බන්ධ ගැටළු නිසි ලෙස හසුරුවන ලෙසයි. එමෙන්ම චීනයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා අඩපණ කළ හැකි සුවිශේෂී විධිවිධානවලින් වළකින ලෙස ද ඔවුන් ඉල්ලීමක් කර ඇත.