Published
සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල සහ ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් එම කමිටුව සඳහා පත්කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වන බව ද එම විශේෂ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.


