පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී ඊයේ උදෑසන සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරමින් ඇතැයි පොලිසිය පවසනවා. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩිතැබීමේ ඉලක්කය වී තිබුණේ පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙක්. එහිදී මාර්ගයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුට ද වෙඩි වැදී තිබුණා. වෙඩි වැදිමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු ඊයේ පස්වරුවේ මිය ගියා. මෙලෙස මියගොස් තිබුණේ 41 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සිද්ධිය වූ අවස්ථාවේ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයා බවටයි මේ වන විට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.