මිරිහාන, ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ දරුවෙකු ගිලී මියයාමේ සිද්ධියට අදාලව හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය දරුවා ඉගෙනු ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙර පාසල් සේවිකාවක් හා පිහිණුම් උපදේශකයින් දෙදෙනෙකු ඇතුලු‍ හත් දෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.

පුද්ගලික පෙර පාසලක අධ්‍යපානය ලැබූ මියගිය දරුවා පාසලේ ගුරුවරුන් හා දරුවන් කණ්ඩායමක් සමග පුහුණුකරුවෙකු යටතේ අදාල හෝටලයේ පිහිණුම් කටයුතු සිදු කරමින් සිට තිබෙනවා.

එහිදී එම දරුවා දියේ ගිලීම හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය දරුවා වයස අවුරුදු 05ක් වන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.