ඊශ්‍රායලයට පිළිගත හැකි කොන්දේසි මත ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ද සාකච්ඡා කිරීමට සූදානම් බවයි. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ගාසා නගරය ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවට තොරතුරු පලව ඇති පසුබිමකයි. ගාසා තීරයේ ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩක් නිදහස් කර ගැනීමට දින 60ක සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය එකඟ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. එහෙත් ඊශ්‍රායලය එය පිළිගෙන නැහැ. මෙම සටන් විරාමයට අදාල යෝජනාව සකස් කර තිබුණේ කටාර් සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන්. කෙසේවෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසන්නේ හමාස් සටන්කාමින් පරාජය කිරීම සහ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යන කරුණු දෙක එකට ගමන් කරන බවයි.
Published