මීට සුළු මොහොතකට පෙර පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ලී මෝලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයෙන් සහ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ එම ස්ථානයට පැමිණ ගින්න නිවීමට කටයුතු කර ඇති බවයි පිළියන්දල පොලිසිය සඳහන් කර සිටියේ

මේ හේතුවෙන් හොරණ කොළඹ මාර්ගයේ බෝකුන්දර හන්දිය ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් රථවාහන තදබදය අවම කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා.