‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව සඳහා “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන යටතේ ආධාර ලබාදීමේ තවත් අදියරක් අද ක්‍රියාත්මක වනවා.

ඒ නුවරඑළිය, කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවලදීයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත කේ දහනායක මහතා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත කේ දහනායක මහතා.

මේ අතර ආපදා හේතුවෙන් මියගිය ජනතාව සහ මුදාගැනීමේ මෙහෙයුම්වලදී ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම සහ රටට සෙත් පතා විශේෂ සර්ව ආගමික වැඩසටහනක් අද පස්වරුවේ පැවැත්වීමට ද නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ද නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත කේ දහනායක මහතා මෙලෙස අදහස් පළ කළා.

නෙත් එෆ් එම් “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.