විටමින් ඩී ලබා ගැනීමේ අරමුණින් ඔබත් හිරු එලියට නිරාවරණය වී තිබෙනවා ද? විටමින් ඩී ලබා ගැනීමට හිරු එළියට නිරාවරණය විය යුත්තේ උදෑසන යන්න සාමාන්‍යයෙන් පවතින මතයයි.

එහෙත් නවතම සොයාගැනීම්වලිදී අනාවරණ වී ඇත්තේ විටමින් ඩී වැඩි වශයෙන් ලැබෙන්නේ දහවල් 11ත් සවස 02ත් අතර කාලය තුළ බවයි.

වැඩිහිටි සත්කාර පිළිබඳ වෘද්ධ රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සිතිර සේනාරත්න මහතා විසින් විටමින් ඩී ඌණතා පිළිබඳ අදහස් පළ කළා.

මේ අතර මෙරට වැඩිහිටි පුද්ගලයින් අතර ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය වැඩි වශයෙන් මේ වන විට වාර්තා වෙමින් ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිශානි උබේසේකර මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ වැඩිහිටි ජනගහනය ක්‍රමයේන වැඩි වීමත් සමඟ මෙම තත්ත්වය තවත් වැඩිවනු ඇති බවයි.

රටේ ජනගහනයෙන් පුද්ගලයින් සියයක් ගත් විට ඉන් සියයට 50කට ආසන්න සංඛ්‍යාවක් යැපෙන්නන් බවයි 2024 ජන හා නිවාස සංගණනයේදී අනාවරණ වී ඇත්තේ.