අත්විලංගු සහිතව පුත්තලම අධිකරණ භූමිය තුළ සිටියදී පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා මදුරන්කුලිය පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
එලෙස පලා ගොස් ඇත්තේ තලවතුගොඩ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
මදුරන්කුලිය ප්රදේශයේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටි ඔහු ප්රදේශවාසීන් විසින් අල්ලා පොලීසිය වෙත භාර දී තිබෙනවා.
සැකකරු ප්රදේශයේ කිසිදු අපරාධයකට සම්බන්ධ බවට ඒ වන විට තොරතුරු අනාවරණය වී නොතිබූ බවයි පොලීසිය පැවසුවෙ.
අවට පොලිස් ස්ථානවලින්ද සැකකරු සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ ඔහු කිසිදු අපරාධයකට සම්බන්ධ නොමැති බවටයි.
කෙසේවෙතත් අත්අඩංගුවට පත් වූ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා.
එහිදී පුත්තලම අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරු ඇප මත මුදා හැරීමටයි.
කෙසේවෙතත් සැකකරුට ඇප ලබා දීම සදහා කිසිවෙකු ඉදිරිපත් වී නැහැ.
ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු සිය භාරයට ගන්නා තෙක් අධිකරණ භූමිය තුළ අත්විලංගු සහිතව රදවා තිබෙනවා.
සැකකරු පලා ගොස් ඇත්තේ එම අවස්ථාවේදී බවයි පොලීසිය පැවසුවේ.




