පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කර තිබෙනවා.

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

ඒ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කොච්චිකඩේ දුම්රිය ස්ථානය දක්වායි.

මේ වන විට කොච්චිකඩේ සහ නාත්තන්ඩිය අතර සිදුකළ පිලිසකර කිරීමේ කටයුතු අවසන් කර ඇති බැවින් කොළඹ කොටුව සිට නාත්තන්ඩිය දක්වා දුම්රියයන් ධාවනය කිරීම සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.