පුද්ගලයින් 10 දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කර තිබෙනවා.

ඒ, 2011 වසරේදී ඇඹිලිපිටිය - මුල්ලගස්යාය ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ සිද්ධියකට අදාළවයි.

මරණ දඩුවම නියම වූ පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු ද වන බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සදහාන් කලේ.