කොස්ලන්ද, පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ යළි ගින්නක් හටගෙන තිබෙනවා.

පසුගිය 18 වනදා ද පැතිර ගොස් තිබූ මෙම ගින්න ඊයේ පස්වරුවේ නැවත සක්‍රිය වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් පූනාගල කඳු රක්ෂිතයේ අක්කර ගණනක් විනාශ වී රක්ෂිතයට විශාල හානියක් සිදුව තිබෙනවා.

පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න සීඝ්‍රයෙන් පැතිර ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් රාත්‍රී කාලයේ පැවති පිනි සහිත කාලගුණයත් සමඟ මේ වන විට ගින්න පාලනය වෙමින් තිබෙනවා.