දින කිහිපයක් තුළ කොළඹ නගරාධිපති ධුරයේ වැඩ ආරම්භ කරමින් කොළඹ නගරයට විශාල වැඩ කොටසක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ 26 වන පුරපති ලෙස තේරී පත් වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පවසනවා.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා.
කොළඹ පුරපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ නගර සභාවේ මංගල සභාවාරය පැවැත්වුණා.
එහිදී නගරාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ නම ඉදිරිපත් වූ අතර සමගි ජන බලවේගයෙන් රීසා සාරුක් මහතාගේ නම යෝජනා වුණා.
ඒ අනුව වාද විවාද රැසකින් පසු නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සිදු වුණේ රහස් ඡන්දයකින්.
එම රහස් ඡන්දයේදී ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට ඡන්ද 61 ක් හිමි වූ අතර රීසා සාරුක් මහතාට හිමි වූ ඡන්ද සංඛ්‍යාව 54ක්.
ඒ අනුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ 26 වන පුරපති ලෙස තේරී පත් වුණා.
ඡන්ද විමසීමෙන් අනතුරුව ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
සමගි ජන බලවේගයෙන් පුරපති සටනට ඉදිරිපත් වූ රීසා සාරුක් මහතාද මාධ්‍ය වෙත අදහස් පළ කළා.