Published
වකුගඩු රෝගයට ගොදුරුවීමේ අවදානමක් ඇති පුද්ගලයින් කල්තියා හඳුනාගැනීම සඳහා ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය සිදු කළ පර්යේෂණ මේ වන විට නතර වී ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණ වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේ මෙම වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ කිසිදු පූර්ව පර්යේෂණයක් සිදුකර නොමැති බවයි.
ඊට පිළිතුරු ලබාදුන් විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ පවතින ගැටලුකාරී තත්ත්වය මේ වන විට සමථයකට පත් කරමින් පවතින බවයි.
මේ අතර මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.
ඒ, නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309ක් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.