Published
2027 වසරේ සිට නව පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලාවක් ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
ප්‍රමිතිගත පූර්ව ළමාවිය අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමේ අරමුණින් එය ක්‍රියාවට නංවන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
ඒ අනුව ගුරු පුහුණුකිරීමේ වැඩසටහන ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා පැවසුවා.
ජාතික අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය සංවර්ධන හා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත පූර්ව ළමාවිය අධ්‍යාපන විෂයමාලා ජාතික ප්‍රතිපත්ති රාමුව හඳුන්වාදී වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකදි මෙම අදහස් පළ වුණා.




