අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 20කට ආසන්න ප්රමාණයක් තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව සදහාන් වන්නේ.
Update
එක් අයෙකු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සදහාන් කර තිබෙනවා.
එම බස් රථයේ හතළිස් දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
අද උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ද මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
Update
අද උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම බස් රථය පෙරළි යාමට හේතුව ලෙස වාර්තා වන්නේ යතුරු පැදියකට ඉඩ ලබා දීමට යාමේදී බවයි සදහන් වන්නේ.
වැඩි දුර තොරතුරු බලාපොරොත්තු වන්න.
Update
තලාව ප්රදේශයේ සිට 411 ගම්මානය වෙත ධාවනය වෙමින් තිබූ බස් රථයක් තලාව, ජයගඟ හන්දිය ප්රදේශයේදී පෙරළීයාමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.




