මගී ප්‍රවාහනය කරන රියදුරන් ලබා ගත යුතු නව රියදුරු බලපත්‍රයට අදාළව ගැටලු කිහිපයක් පවතින බව පෞද්ගලික බස් රථ සංගම් පවසනවා.

එහෙත් අදාළ රියදුරු බලපත්‍රය එම රියදුරන් ලබන දෙසැම්බර් 31 වනදාට පෙර ලබා ගත යුතු බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ.

ඇතැම් රියදුරන් ආසන පටි පළඳින ආකාරය සම්බන්ධයෙන්ද ප්‍රවාහන අමාත්‍යවරයා අදහස් පළ කළා.

එහෙත් රියදුරන්ට අදාළ පුහුණුව ලබා දෙන නිලධාරීන් සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

මෙතෙක් බලධාරීන්ට විසඳුම් ලබා දීමට නොහැකි වූ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා.