දේශීය වෙළදපොලේ පොල් මිල පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසනවා.

ඒ අනුව සිය ආදායමද ඉහළ ගොස් ඇති බවයි පොල් වෙළෙදුන් කියා සිටියේ.

පසුගිය මාස කිහිපය තුල පොල් ගෙඩියක් රුපියල් 220ක් වැනි මුදලකට අලෙවි වුණා.

මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 100ත් රුපියල් 170ත් අතර මිල ගණන් යටතේ අලෙවි වන බවයි නෙත් නිවුස් කළ වෙළඳපොළ ක්ෂේත්‍ර චාරිකාවකදී පොල් වෙළෙඳුන් පැවසුවේ.