ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් “බැකෝ සමන්” නැමැත්තාට අයත් සුඛෝපභෝගී බස් රථ දෙකක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. විදෙස් සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදා තිබූ එක් සුඛෝපභෝගී බස් රථයක් කටුනායක ප්‍රදේශයේදී සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. එම බස් රථයේ වටිනාකම රුපියල් කෝටි 05 හමාරක් පමණ වන බවයි වාර්තා වුණේ.
අනෙක් සුඛෝපභෝගී බස් රථය මොනරාගල - කොළඹ මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබෙනවා. කොළඹ සිට මොනරාගල දක්වා එම බස් රථය ධාවනය කිරීම සඳහා කොළඹ බැස්ටියන් මාවතට පැමිණි අවස්ථාවේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.