Published
                
                 
                
            පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ රාජකාරි ඉටුකිරීමේදී වඩාත් කැපීපෙනෙන ලෙස තමන්ට පැවරුනු රාජකාරිය ඉටුකරමින් දක්ෂතා දක්වන නිලධාරීන් ඇගයීම සඳහා Employee of the Month නම් සංකල්පය පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසයට හඳුන්වා දෙන ලැබුවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාව වෙනුවෙන් ඉටුකරනු ලබන සේවා සඳහා සෑම ආකාරයෙන්ම වඩාත් දක්ෂතාවයෙන් යුත් නිලධාරියා ලෙස පළමුවරට ඇගයීමට ලක්වූයේ පොලිස් කොස්තාපල් 101966 චාමික දිල්ෂාන් නිලධාරියා වනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්.යූ වුට්ලර් මහතා විසින් පොලිස් කොස්තාපල් 101966 චාමික දිල්ෂාන් නිලධාරියා හට Employee of the Month නැමැති ප්‍රශංසා සහතික පත්‍රය සහ සේවය ඇගයීමේ ලිපිය ලබාදෙමින් ඔහුගේ අනාගතය වෙනුවෙන් සුභාසිංශන එක් කරනු ලැබුවා.
 




